මහනුවර මහාධිකරණය හමුවේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ (14) කැඳවනු ලැබීය.