මෙරට නිෂ්පාදනය කරණු ලබන එතනෝල් ලීටරය මිල රුපියල් 300කින් ඉහල දැමීමට දේශීය සීනි නිෂ්පාදන සමාගම් තීරණය කිරීමත් සමග මෙරට නිෂ්පාදනය කරනු ලබන අරක්කු බෝතලය මිල රුපියල් 120කින් පමණ ඉහළ යනු ඇතැයි වෙළද පොළ ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙරට නිෂ්පාදනය කරනු ලබන සීනි සදහා එකතුකල අගය මත පනවා ඇති 18% බද්ධ හේතුවෙන් ආනයනික සීනි සමග වෙළදපොළ මිල සමාන කිරීම සදහා එතනෝල් ලීටරයක මිල ඉහළ දැමීමට සිදුව ඇත. එතනෝල් යනු සීනි නිෂ්පාදනයේ අතුරු ප්‍රතිඵලයක් බවත් මසකට මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ලීටර් ලක්ෂ 16 ක් පමණ අවශ්‍යවේ.එතනෝල් පිටරටින් ආනයනය කිරීම නීති විරෝධී බවත් මත්පැන් සමාගම් එතනෝල් මිලදීගත යුත්තේ දේශීය සීනි නිෂ්පාදන සමාගම් වලිනි.
මෙතෙක් එතනෝල් ලීටරයක් මිලදී ගනු ලැබුවේ රුපියල් 475 ත් 500 ත් අතර මිලකට බවත් දැන් ලීටරයක මිල සීනි නිෂ්පාදන සමාගම් රුපියල් 800 දක්වා ඉහළ දමා තිබෙන බවත් සැලවේ. එහෙයින් මත්පැන් නිෂ්පාදන පිරිවැය මසකට කෝටි 48 කින් වැඩිවනු ඇති බවද ආරංචි මාර්ග කරයි.
අඩුමිල මත්පැන් නිෂ්පාදනවල වැඩි ප්‍රතිශතය තිබෙන්නේ එතනෝල් බවත් ඒ හේතුවෙන් අති විශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 120 කින් වැඩි කිරීමට සිදුවනු ඇති බවත් ආරංචි මාර්ග අනාවරණය කරයි.