අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඊයේ අලුයම ඇති වූ ගැටුමත් සමග අද පැවැත්වීමට නියමිතව තිබූ විභාග කටයුතු කල්දමා තිබේ. සරසවි මැදුර බෝයිස්විලා ටූ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වූ තුන්වැනි වසරේ සිසුන් කණ්ඩායමක් එහි සිටි පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහර දීම හේතුවෙන් පළමු වසරේ සිසුන් 04 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇත.
අදාළ ගැටුම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය සහ විශ්වවිද්‍යාල බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වාර්තාවක් කැඳවා ඇත. ගැටුමට සම්බන්ධ බවට සැකකෙරෙන කිසිවෙකුත් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන නොමැති අතර එකී හේතුවෙන් අද දිනයට පැවැත්වීමට නියමිතව තිබූ විභාග දින නියමයක් නොමැතිව කල් තැබීමට විශ්ව විද්‍යාල බලධාරීන් කටයුතු කොට ඇත.