ප්‍රාණවත් වෙන්න අශ්වගන්ධගෑ හිටපු ලොක්කෙක් ගැන කසුකුසුවක්

දේශීය ආයුර්වේදයේ අශ්වගන්ධ තෛලය, මහා නාරායන තෛලය හා නිර්නිර්ගූන්ඩි තෛලය සැලකෙනුයේ ඉතා වටිනා මෙන්ම දුර්ලබ ඖෂධ වර්ගයන් ලෙසිනි. මේ අතරින් ලිංගික බෙලහීනතාවය නැතිකිරීම සදහා අශ්වගන්ධාරිශ්‍ට තෛලය ඉතා ප්‍රසිද්ධියක් උසුලයි.

උතුරු මැද පළාත් ආයුර්වේද රෝහලේ ඖෂධ හිඟයක් තිබියදී, හිටපු අධ්‍යක්ෂකවරිය නිත්‍යානුකූල නොවන ආකාරයට උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකුට අශ්වගන්ධාරිශ්‍ට හිතුමනාපේ නිකුත්කර ඇතැයි ආයුර්වේද රෝහලේ කාර්ය මණ්ඩලය චෝදනා කරයි.

දැනට විමර්ෂණ මට්ටමේ පවතින ලිඛිත සාක්ෂිවලට අනුව උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම මත උතුරු මැද පළාතේ විහාරාධිපති හිමි නමකගේ නමට එම ඖෂධ ලබා දෙන ලෙසත් නියෝග කොට ඇත. අනුරාධපුර පිහිටි පළාත් ආයුර්වේද රෝහලින් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගියකු වෙනුවෙන් එක් මාත්‍රාවක් හැටියට කියවෙන තෙල් අවුන්ස එකක් ලබාදීම වෛද්‍යවරයා තීරණය කළහොත්, එක් බෝතලයකින් රෝගීන් විසි හතර දෙනකුට එය ලබා දිය හැකිබවයි රෝහල් කාර්ය මණ්ඩලය පවසන්නේ.

මහීපාල හේරත් මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඉකුත් ආණ්ඩු සමයේදී කටයුතුකර ඇත.

මූලාශ්‍රය : ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart