නාමල් හා දයාසිරි එකතුවක් ළඟදීම හැදෙන්නත් පුළුවන් (VIDEO)

නාමල් රාජපක්ෂ හා දයාසිරි ජයසේකරගේ එකතුවෙන් යුතු පුළුල් දේශපාලන සන්ධානයක් නුදුරු දිනේම බිහිවීමේ සම්භාවිතාවක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

දයාසිරි ජයසේකර මහතා මෙයට පෙරද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නිලයක් දරමින් සිටියදී පවා වයඹ පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක වශයෙන් ඉදිරිපත්වීමට රාජපක්ෂවරුන් සමග එක්වූ බව සදහන් කල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව එළියේ ප්‍රබල විපක්ෂය ගොඩ නගා ඇති අනාගත රටේ නායකත්වය වන නාමල් රාජපක්ෂ හා දයාසිරි අතර එකගතාවයක් ඇතිවීම රටේ යහපතට උචිතම ක්‍රියාවක් බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart