එක්නැලිගොඩගේ අතුරුදහන් වීමට ශානිගේ නමත් ගෑවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාලව ක්‍රියාත්මක වන නීතිකෘත්‍යයේ සාක්ෂිකරුවෙකු ලෙස වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා නම්කර නොමැති බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ඊයේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කලේය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණයට දන්වා සිටියේ, ශානි අබේසේකර මෙම නඩුවේ 109 වන සාක්ෂිකරු වශයෙන් දැනටමත් නම් කර ඇති බව ය.

මෙම නඩුව නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart