2030 වසරේදී ඩොලර් බිලියන 2.4ක ආදායමක් උපයා ගැනීම සඳහා රටේ සමස්ත තේ නිෂ්පාදනය නිමි තේදලු මිලියන 400 දක්වා ඉහල නැංවීමේ වැඩ පිළිවෙලක් අරඹන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
තේ කර්මාන්ත ශාලා හිමිකරුවන්, කුඩා තේවතු හිමියන්,තේ තවාන්කරුවන් හා අමුතේ දලු එකතු කරන්නන් අතර රත්නපුර පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඉලක්ක ගත වැඩපිළිවෙල සම්බන්ධව අනාවරණය කලේය.
දැනට තේ දලු මිලියන 262ක් නිෂ්පාදනය කර උපයන ආදායම වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක් පව පැවසූ අමාත්‍යවරයා එය 2030 වසරේදී මිලියන 2.5 දක්වා වර්ධනය කිරීම පහසු ඉලක්කයක් බවද ප්‍රකාශ කලේය.