විපක්ෂය බාධා කලොත් ආයතන කො.මා යටතට ?

පළාත් පාලන ආයතන නිසි ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වාගෙන යාමට විපක්ෂය ඉඩ ලබා නොදුන හොත් පවතින නීතිය අනුව එම පලාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත්කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා අවධාරණය කරයි.

මේ පියවර ගැනීම සඳහා ප්‍රමාද වන්නේ ඒ සඳහා තවත් යම් කාලයක් නෛතිකව ලබා දිය යුතු නිසා බව යැයි පෙන්වා දුන් ඇමතිවරයා මුලින්ම අදාල පළාත් පාලන ආයතනවල ස්වරූපය සම්බන්ධව පලාත් පාලන කොමසාරිස්වරුන් විසින් ආණ්ඩුකාරවරයා වෙත වාර්තාවක් ලබා දිය යුතු බව පෙන්වා දුන්නේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපයේදී එලෙස හඳුනා ගන්නා ආයතන විශේෂ කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත්කරනු ලබන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart