රෝහල් පරිත්‍යාග වලට ආණ්ඩුවෙන් ලෙඩක්

විදෙස්ගත පරිත්‍යාගශීලින් විසින් මෙරට රෝහල් සඳහා නොමිලයේ ලැබෙන පරිත්‍යාග සදහා මෙතෙක් ලබාදුන් තීරුබදු සහනය ඉවත් කිරීමට රජය කටයුතු කොට ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඒ බව සනාථ කරන ලදි.

මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය ජූනිමාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අතිටුවා ඇත. එම නිසා පරිත්‍යාග ශීලීන් විසින් මෙරටට නොමිලයේ ලබාදෙන, රෝහල් ඇඳන්, වෛද්‍ය උපකරණ, ගිලන් රථ යනාදී බෝහෝ පරිත්‍යාගයන්ට හිමිවූ බදු සහනය අහෝසිවේ.

වසර 10ක් පමණ ක්‍රියාත්මක වූ මෙම බදු සහනය නිසා රේගුවට මුදල් ගෙවීමට සිදුවූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බව සදහන් කල සෞඛ්‍ය ලේකම්වරයා එම හේතුවෙන් පසුගිය 2024 වසරේ පමණක් රේගුවට රුපියල් මිලියන 200ක බද්ධක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදලි ගෙවීමට සිදුවූ බව හෙළිදරව් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart