වෛද්‍ය සැපයුම් ඒකකයේ වෙබ් අඩවිය අක්‍රීය තත්ත්වයට පත්ව ඇති නිසා ඖෂධයක් ගුණාත්මක භාවයෙන් අඩුවීමක් හෝ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමක් සිදුවූයේ නම් එය දැන ගැනීමට මහජනතාවට ඇති නිදහස අහිමි වී ඇති බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.
හදිසි හෘදයාබාධ රෝගීන්ට ලබා දෙන ටෙනටෝෆේස් ඖෂධයද විවිධ සංකූලතා මතුවීම නිසා දිවයින පුරා රෝහල් කිහිපයකින් භාවිතයෙන් ඉවත් කොට ඇති බව කී වෛද්‍ය චමල් පවසන්නේ එවැනි තත්වයක් තුල සැපයුම් අංශයේ වෙබ් අඩවිය අක්‍රීය වීම සැක සහිත බවයි.