රෙගේ දිනය සැමරීම වෙනුවෙන් රෙගේ ගායක ඇල්ෆා බ්ලොන්ඩි සහභාගීවන සජීව සංගීත ප්‍රසංගය අද සවස කොළඹ ගුවන් හමුදා පිටියේදී පැවැත්වේ. ජාත්‍යාන්තර රෙගේ දිනය වෙනුවෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ සෝලාර්සිස්ටම් සංගීත කණ්ඩායමයි.
අයිවාරිකෝස්ට් රාජ්‍යයේ රෙගේ ගායකයකු වන ඇල්ෆා සේබේ අල්ලායේ, ‘ජෙරුසලම’,‘කොකෝඩි රොක්’ සහ ‘බි්‍රගේඩියර් සබාරි‘ වැනි ගීත සමගින්ලෝකය පුරා රසිකයන් ආකර්ෂණය කර ඇත.
බොබ් මාලේ වැනි කලාකරුවන්ගෙන් ද ඔහු සැලකිය යුතු ලෙස ආභාසය ලබා ඇති අතර, ජැමෙයිකාවේ ද වයිලර්ස් සමග පවා ගීත පටිගත කර ඇත.
බටහිර අප්‍රිකාවේ ගැඹුරු මූලයන් සහ ජැමෙයිකාවේ ප්‍රබල ආශ්වාදයක් ඇති ඇල්ෆා බ්ලොන්ඩිගේ ශබ්දය සාමය, එකමුතුකම සහ ආදරය පිළිබඳ ප්‍රබල පණිවිඩ ලබාදෙමින්ලොව පුරා මිලියන ගණනක් සංගීත ලෝලීන් ස්පර්ශ කරයි.
මෙම ප්‍රසංගය හරහා ශ්‍රී ලංකාව මහා පරිමාණයෙන් ගෝලීය විනෝදාස්වාදය සඳහා සූදානම් බවට ලෝකයට විශාල
පණිවිඩයක් ලබාදෙයි