මහරගම අපේක්ෂා, මහනුවර ජාතික රෝහල, ගාල්ල, යාපනය හා මඩකළපුව රෝහල්වල ඇති පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතා කරන ලිනියර් ඇක්සලරේටර් යන්ත්‍ර අක්‍රීය තත්ත්වයකට පත්ව ඇතැයි අනාවරණය වෙයි.
මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේවා සඳහා සේවා හා නඩත්තු ගිවිසුම් නොමැතිවීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් හා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් අතර කාලයක් තිස්සේ සිදුවූ කඹ ඇදීම්ය. මෙම යන්ත්‍ර සඳහා වසර පහක වගකීම් කාලයක් තිබුණු අතර මෙම කාලය ඉක්මවා වසර කිහිපයක් ගත වුවද, මෙම යන්ත්‍ර වගකීම් කාලයෙන් පසුව අමාත්‍යාංශය භාර ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් මෙම තත්ත්වය පැනනැඟී ඇත. තවමත් මෙම යන්ත්‍ර සඳහා සේවා හා නඩත්තු ගිවිසුම් අත්සන් කිරීම සඳහා කල් වරමින් සිටින අතර නඩත්තු කටයුතු නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමෙන් යන්ත්‍රවල බරපතළ ගැටලු ඇතිවී ඇත. මේ නිසා පිළිකා රෝගීන්ට දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදුවී ඇත.
ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ තවත් යල්පැනගිය විකිරණ ප්‍රතිකාර වන කොබෝල්ට් 60 යන්ත්‍ර 08ක් මගින් තවමත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමයි. මෙම යන්ත්‍ර බොහෝ ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා සුදුසු නොවන අතර ඉන් කිහිපයක් දැනටමත් පූර්ණ වශයෙන් අක්‍රිය වී ඇත. ඒ එම යන්ත්‍රවල ප්‍රතික්‍රීයක අවසන් වීම නිසාය. මේනිසා ඌව පළාතේ සහ උතුරු මැද පළාතේ විකිරණ ප්‍රතිකාර සඳහා කිසිම පහසුකමක් නොමැති වීමෙන් එම රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙනත් පළාත්වලට යෑමට සිදුවී ඇත. මෙම යන්ත්‍ර වෙනුවට නව යන්ත්‍ර සැපයීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ දැඩි අකාර්යක්ෂමතාවය නිසා වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතී.
මෙම රජය බලයට පැමිණීමෙන් පසුව, දැනට ක්‍රියාත්මක යන්ත්‍ර උත්ශ්‍රේණිගත කිරීම සඳහා ගිවිසුම් අත්සන් කොට ඇත්තේ 2025 ජනවාරි මස වුවත් මේ දක්වා එහි කිසිම ප්‍රගතියක් නොමැත.
මූලාශ්‍රය : දිවයින පුවත්පත