රජය 2025 වර්ෂයට ඉදිරිපත් කළ අයවැයෙන් කියා සිටියා රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා වැටුප් වැඩි කරන බව. රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව පුද්ගලික අංශයේත් වැටුප් වැඩි කළ යුතු බවත් අපි යෝජනා කළා.ඇත්තටම අද තිබෙන තත්ත්වයට අනුව සාමාන්‍ය ජීවන තත්ත්වක් ගෙනයන්න එය රුපියල් ලක්ෂයක්වත් විය යුතුයි. නමුත් හෙමින් ආර්ථිකය ස්ථාවර කර, අයෝජන කැන්දාගෙන ඇවිත් රටේ නිෂ්පාදන වැඩි කරමින් තමයි අපි වැටුප් වැඩි කරගත යුත්තේ. එහෙම නැතුව අණපනතකින් පමණක් මෙය කිරීමට බැහැ. සේවකයන්ගේ අයවැය සහන දීමනාව සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය යන (සංශෝධන) පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම පිණිස පැවැති විවාදයේදී අදහස් පළ කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
2016දී අවම දෛනික වේතනය රුපියල් 400ක් තිබුණා. එය 500 දක්වා වැඩි වෙලා තිබුණා. 2024දී එය 700 දක්වා වැඩි වෙලා තිබුණා. අපේ ආණ්ඩුව යටතේ අවම මූලික වැටුප තිස්දහස දක්වා වැඩි කළ විට දෛනික වේතනය 1200 දක්වාත් අප්‍රේල් 01දා සිට දෙසැම්බර් දක්වා තවත් 1080 කිනුත් වැඩි වෙනවා. 17500ක තිබූ වේතනය එකවර 30000 දක්වා 12500කින් වැඩි කිරීම තමයි මේ අණපනත මගින් සිදු කරන්නේ. ඒ අවම වැටුප රුපියල් තිස්දහස ප්‍රමාණවත් වන්නේ නෑ යනුවෙන්ද පැවසීය.