අලි ඇතුන් මරණ ස්නයිපර් කල්ලියක් ? (VIDEO)

දුර සිට එල්ලය ගෙන හිසට වෙඩි තබා අලි ඇතුන් ඝාතනය කිරීම හේතුවෙන් එය ස්නයිෆර් කල්ලියක් විසින් සිදු කරන බවට පැහැදිලිව සාක්ෂි ඇතැයි පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියන් අනාවරණය කරයි. සත්ව සංවිධාන මාධ්‍ය හමුවක් කොළඹදී පැවැති අවස්ථාවේ උන්වහන්සේ මෙම චෝදනාව එල්ල කළහ.

ගල්ගමුව අලි මාරුවන පාලම ඉදිකිරිම ප්‍රමාද කිරීමට හේතුව ශ්‍රී ලංකාවේ උසම ඇතා වන ‘කාවන්තිස්ස’ ඝාතනය කිරීම සඳහා සැලසුමක් වන බවට ජනතාව ඇතුළු පරිසරවේදීන්ට තතු අනාවරණය වන බවත් එය එසේ නොවන්නේ නම් පාලම කඩිනමින් ඉදි කිරීමට රජය පියවර ගතයුතු බවත් මාධ්‍ය හමුවේදී ඔවුහු අවධාරණය කර සිටියහ.

එම සංවිධාන වැඩිදුරටත් රජයට අවධාරණය කර සිටියේ අලි ඇතුන් ඝාතන නවතා දැමීමට ආණ්ඩුවට නොහැකි නම් එය ඉටු කිරීමට තමන් වෙත අවස්ථාව සලසා දෙන ලෙසය. ඒ අනුව තම සංවිධාන ඇතුළු පරිසරවේදීන් සතුව ඊට අවශ්‍ය සැලසුම් පවතින බවද ඔවුහු ප්‍රකාශ කර සිටියහ.බෞද්ධ භික්ෂූන් වහන්සේලා, සත්ව සුබසාධන සංවිධාන, ආයතනික නියෝජිතයන් ඇතුළු පරිසර හා සත්ත්වවේදීන් එක්ව මෙම මාධ්‍ය හමුවූ සංවිධානය කර තිබූ අතර එහිදී අදහස් දක්වමින් පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියෝ මෙසේ පැවසූහ.

“ආණ්ඩුවට බැරි නම් කරුණාකරලා අපිට දෙන්න. සියලු සංවිධාන එකතුව අපි මේ අලි ඇතුන් ඝාතන ප්‍රශ්නය විසඳන්නම්. අලි ඇතුන් මැරෙන්නේ කැලේ ඇතුළේ. ඡන්දය තියෙන මිනිස්සුන්ට වනාන්තර ලබා දීමට අලි ඇතුන් ඝාතනය කරනවා. ගොවියෝ සත්ව ඝාතන කරන්නේ නෑ. තුවක්කුවක් අතේ තිබුණට අලි ඇත්තුන්ට වෙඩි තියන්න තරම් ගොවියො සාහසික නෑ. නිකුත් කර ඇති සියලු ගිනි අවි රජය නැවත ලබා ගත යුතුයි. එතකොට පුළුවන් අපරාධකරුවන් අනාවරණය කරගන්න”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart