පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම 4:30ට පමණ කහතුඩුව පාලගම කැදැල්ඕවිට ප්‍රදේශයේ සිදුකල වෙඩි තැබීමකදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. මෙම පුද්ගලයා පසුගිය 18වනදා උදෑසන දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩිතැබීමක් සිදුකල වෙඩික්කරු බවට හදුනාගෙන ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි වැදී මියගිය වෙඩික්කරුගේ මෘතශරීරය වෑතර රෝහලේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා තැන්පත් ඇත.