නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිවු මහා දේවාලයන්හි කප් සිටූවීමෙන් මහනුවර ඇසළ මංගල්‍යය අද ආරම්භවේ. අද පස්වරු 6.05ට යෙදෙනෙ සුබ මොහොතින් මෙම කප් සිටිවීම සිදුකිරීමට නියමිතය.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර 30 දින රාත්‍රියේ වීදි සංචාරය කරයි. කුඹල් පෙරහර දින 05ක් වීදි සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහර අගෝස්තු මස 04 වැනි දින වීදි සංචාරය ආරම්භ කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
අවසන් රන්දෝලි මහ පෙරහර 08 වන දින රාත්‍රියේ වීදි සංචාරය කිරීමෙන් පසු පෙරහර කරඬුව ආදාහන මළුව ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කෙරෙයි.
අනතුරුව සිවු මහා දේවාල පෙරහර ගැටඹේ තොට වෙත ගමන් කර දියකැපුම් මංගල්‍යය සිදු කිරීමෙන් පසු 09 දින දහවල් පෙරහර පවත්වා මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් කරන බව නිලංග දෑල මහතා පවසයි.