අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ගොනුකල පෙත්සම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිෂ්ප්‍රභා කරමින් ලබාදුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණය වෙත ගොනුකල ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමට අද තීරණය කෙරිණ.
අගෝස්තු මස 07 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම් කර තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නොතිසි නිකුත් කරන ලෙස අධිකරණය දැනුම් දෙනු ලැබීය.