මෙරට බිහි නොවූ ජනසම්මතවාදී ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාකශය මඟින් පොරොන්දු වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන දින වකවානු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී. පෙරේරා මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
නව රජය බලයට පත් වීමෙන් පසු සම්මත වූ සහ සංශෝධනය වූ නවඅනපනත් ගණන 08කි. එසේම තවත් සැලකියයුතු අනපනත් සංඛ්‍යාවක් කෙටුම්පත්කරමින් පවතින බවද ඇය පැවසුවාය. ඒ අනුව විධිමත්ව සහ ක්‍රමානුකූලව අත්‍යාවශ්‍ය නීති සහ අනපනත් සංශෝධනය කරමින් නව නීති කෙටුම්පත් කරමින් කඩිනම් විසඳුම් ලබා දිය යුතු ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සුදුසු පරිදි සිදුකරන බවද ඇය පැවසුවාය.ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.