තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය කොන්දේසි විරහිතව තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබේ.එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා උපුටා දක්වමින් ආසියානු මාධ්‍ය සදහන් කරන්නේ යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් කාම්බෝජය බලාපොරොත්තු වන බවයි.
කාම්බෝජයේ ඉල්ලීමට තායිලන්තය මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.
ඔවුන් මේ වනවිටත් කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත්කර ඇත. පසුගිය දින දෙකක් පුරා පැවැති මෙම යුද ගැටුම් හේතුවෙන් දෙරටේම අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී සිටියි.