ඉන්දීය ඉතිහාසයේ දෙවැනි දීර්ඝම කාලයක් අගමැති ධුරය දැරූ අගමැතිවරයා බවට වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මෝදි ඊයේ පත්විය. ඒ 1966 වසරේ ජනවාරි 24 වැනිදා සිට 1977 වසරේ මාර්තු 24 වැනිදා දක්වා වූ කාලයේ දී එක දිගට දින 4077ක් (වසර 15කුත් දින 350ක් ) අගමැති ධුරය දැරූ ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරියගේ ධූර කාලසීමාව පසුකර යමිනි.
ඊයේ දිනය වන විට මෝදි අග්‍රාමාත්‍යවරයා දින 4078ක් එක දිගට අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිට ඇත. 2014 වසරේ මැයි 26 වැනිදා සිට එකදිගට මේ දක්වා ඉන්දීය අගමැතිවරයා වශයෙන් කටයුතු කරන අතර ඔහු 2014, 2019 හා 2024 වසරවල පැවති ඉන්දීය මහා මැතිවරණවලදී අගමැති ධුරයට තේරී පත්ව තිබේ.
ඉන්දියාවේ මෙතෙක් වැඩිම දින ගණනක් අගමැති ධුරය දරා ඇත්තේ එරට ප්‍රථම අගමැතිවරයා වන ශ්‍රී ජවහල්ලාල් නේරු තුමා විසින් වන අතර ඔහු විසින් එකදිගට වසර 16කුත් දින 286ක කාලයක් එම ධුරයේ කටයුතු කර තිබේ.
වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගතකරන්නේ ඔහුගේ තෙවැනි ධූර කාලයයි.