බදු නොගෙව්වට පියුමිට නඩු

2022 හා 2023 වර්ෂවලට අදාළව පුද්ගල ආදායම් බද්ද නොගෙවීම සම්බන්ධයෙන් පියුමි හංසමාලි හා අවුරා ලංකා සමාගමේ සභාපති තාඹුගලට එරෙහිව ඉදිරියේදී කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්තුමා වෙත දන්වා තිබේ.

රුපියල් මිලියන 194ක් හා ලොලියා නමැති සමාගමක් පවත්වාගෙන ගොස් මිලියන 95 ක් ආදායම් බදු නොගෙවීම වෙනුවෙන් පියුමි හංසමාලිට එරෙහිවත්, එම වර්ෂ දෙකට අදාළව රුපියල් මිලියන 194ක පුද්ගල ආදායම් බද්ධ හා අතිරේක ආදායම් බද්ධ දඩය හා පොලිය සමඟ නොගෙවීම වෙනුවෙන් ටී.ඒ.සී.වී තාඹුගලට එරෙහිවත්, එසේ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවද නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ පැවසීය.

එම දෙදෙනාට එරෙහි විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව ඔවුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ද රජයේ නීතීඥයා අධිකරණය හමුවේ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart