පසුගිය අරගල සමයේ “ලක් අම්මා” නමින් ප්රසිද්ධවූ ජනප්‍රිය නිළි දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට දේශීය මාධ්‍ය අද වාර්තාකර තිබුණි.
ඒ පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක අධ්යක්ෂවරයකුගෙන් රුපියල් ලක්ෂ තිස් පහක මුදල් වංචාවක් සම්බන්ධයෙන් එම අධ්යක්ෂවරයා පානදුර විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පසුගිය 29 වැනිදා සිදුකර ඇති පැමිණිල්ලක් මතය.
එම රෝහලේම වෛද්‍යවරයකු විසින් එම අධ්යක්ෂවරයාට දමිතා සහ ඇයගේ සැමියා හඳුන්වා දී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා විසින් ඉවතලන කුඩා වීදුරු බෝතල් පිරිසුදු කර අපනයනය කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන බවට පවසා එම ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීමට රුපියල් 3,611,248/= ක් අවශ්‍ය බව පවසමින් මේ අධ්යක්ෂවරයාගෙන් 2023 වසරේ අගෝස්තු මස 08 වැනිදා සිට එම වසරේ සැප්තැම්බර් මස 05 වැනිදා තෙක් කාලය තුළ වරින් වර මුදල් ලබාගෙන ඇති බවත් එම පැමිණිල්ලේ සටහන්ව තිබේ.
දමිතාව, මීට පෙරද පුද්ගලයන් විදේශ ගත කරන බව පවසා රුපියල් ලක්ෂ 30 කට අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වා තිබිණි.
එම නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මේවන විට විභාගවෙමින් තිබෙන අතර ඒ අනුව දමිතා මේවන විට සිටින්නේ ඇප මත බවද පැවසේ.
මූලාශ්‍රය – අරුණ