ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමතිවරුන් කණ්ඩායමක් සඳුදා (අගෝ. 4) පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.පොහොට්ටුවේ හිටපු මැති ඇමතිවරුන් නියෝජනය කරමින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම හමුවට එක්වන බවට පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග හෙලිකරයි.
ඔවුන් එක්ව පොදු එකඟතාවක් ඇතිකර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද සැලවෙන අතර එකඟතාව ඇතිකර ගැනීමෙන් පසු පක්ෂය සමඟ සිට පසුව වෙනත් දේශපාලන පක්ෂ සමග එක්ව සිටින හා අනෙකුත් විපක්ෂයේ සිටින වමේ සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එක්කරගෙන පුළුල් වමේ බලවේගයක් ගොඩනඟා ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත.