ලෝකයේ විශාලතම කලාගාරය සහ “බිග්බෙන්” පන්නයේ ඔරලෝසුවක් ඉදිකිරීමට කොළඹ “පෝර්ට් සිටි” සමාගම තීන්දු කර ඇති අතර එම ඉදිකිරීම සදහා වසර 25ක බදු සහනයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
මෙම ඉදිකිරීමේ සැලසුම අනුව දැවැන්ත කුලුනු දෙකක් මුලින් ඉදිවනු ඇති අතර ඉන් එක් කුලුනක ලොව විශාලතම සිරස් කලාගාරය නිර්මාණය කෙරේ. අනෙක් කුලුනෙහි තරු 7 ක හෝටලයක් සහ නිවාස ඇතුළු තවත් ආයතන රාශියක් ස්ථාපිත කිරීමට නියමිතය. මේ සඳහා වන ආයෝජනය ඇමෙරිකන් ඩොලර් කෝටි 540 (පන්සිය හතළිහකට) අධිකය.
මෙම පරිශ්‍රයේ ඉදිකරන කලාගාරය එම වර්ගයේ ලොව පළමු කලාගාරය වන බැවින් එය ගිනස් වර්තා පොතට ඇතුළත් වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබිණි.