ජනාධිපති අනුරට මාමා කියන අය ජනාධිපති මාධ්‍ය ඒකකයේ සිටින නිසා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබාදීමට නොහැකිව ඇතැයි ප්‍රවීන මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය චෝදනා කරයි. සිය මුහුණු පොතේ සටහනක් තබමින් උවිදු මේ චෝදනාව කර ඇත.
උවිදු තැබූ සටහන පහත දැක්වේ
”
මම කියන්නම් – අනුරට මාම කිය අය ගොඩක් ජනාධිපති මාධ්‍ය අංශයෙ ඉන්නව. ඒකයි කේස් එක.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම – ඒ කියන්නෙ RTI පනත විතරක්ම නෙමෙයි – ව්‍යවස්ථාවෙ මූලික අයිතිවාසිකමක් විදියට අපි සටන්කරල දාපු එක. ඒක තමා මමනම් හිතන මගේ ජීවිතේ ලබාගත්ත එකම ජයග්‍රගණය.
ඒකත් කඩාකප්පල් කරන්න අනුර තන්ත්රය වැඩ කරන්නෙ. කොමිසමේ සභාපති පත්කරන්නෙත් නැහැ, සාමාජික හිස්තැන පත්කරන්නෙත් නැහැ. හරි හමන් ප්රතිපාදනත් නැහැ.
අර කවුද – මට මතක නැහැ මේ වෙලේ – සටන්කාමී තරුණයෙක් ඉල්ලුවනෙ ජනාධිපති මාධ්‍ය අංශයෙ තොරතුරු. දෙන්න බැහැ කියල බොරු වගන්තියක් දාල උත්තරයක් එව්වනෙ ඒ. තොරතුරු නොදුන්න හේතුව දන්නවද මහජනයා!
හොයා ගෙන හොයා ගෙන ගියා. මේක තමා හේතුව. බොරු නම් බොරු කියන්න!
මම කියන්නම් – අනුරට මාම කිය අය ගොඩක් ජනාධිපති මාධ්‍ය අංශයෙ ඉන්නව. ඒ අය පක්ෂෙ අයගෙ පුතාල. ඒකයි කේස් එක.
ජනාධිපතිවරයා සිය යුරෝපා සංචාරයේදී මෙරටින් මුං කැවුම් පාර්සලයක් රැගෙන ගොස් තෑගි කලේ උවිදු කුරුකුලසූරියටය.