ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගිය සතියේදී ප්රකාශ කළේ, ඉන්දියාව විසින් රුසියානු ඉන්ධන මිලදී ගනිමින් එරට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන බවත්, එම හේතුව නිසා ඉන්දියාවට එරෙහිව දැඩි තීරුබදු පනවන බවත්ය.
නමුත්, එම අනතුරු ඇඟවීම් නොතකා ඉන්දියාව විසින් රුසියානු ඉන්ධන මිලදී ගැනීම තවදුරටත් කරගෙන යාමට කටයුතු කර තිබේ. මෙවන් තත්ත්වයක් තුළ වුවද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් රුසියාවට නිල සංචාරයක් ආරම්භ කර ඇති අතර, ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර්ද ලබන මාසයේදී රුසියාවට සංචාරය කිරීමට නියමිතව ඇත.
