නීති විරෝධීව එකලස් කෙරූ සුඛෝපභෝගී වාහනයක් වටලයි!

 

නීති විරෝධී ලෙස එකලස් කරන ලද රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහනයක් ගරාජයක තිබී වලානේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වලානේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත, පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර මහතාගේ සැලසුමක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් මෙම ව්‍යාජ ලෙස සකස් කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගනේමුල්ල පොලිසිය වෙත භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart