චිචීගේ චන්ද්‍රිකාවට රජය මුදල් යොදවා නෑ හරිනි කියයි!

 

SupremeSAT සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. විපක්ෂය විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිනිය මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළේ, SupremeSAT සමාගම 2012 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමකට එළඹුණු බවයි. එම ගිවිසුම යටතේ, සමාගම විසින් 2013-2014 කාලය තුළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා රුපියල් මිලියන 12.1ක් ආයෝජනය කර ඇත. ආයෝජන අයදුම්පතට අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් ආයෝජනයක් සිදු වී නොමැත.

එමෙන්ම, මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සඳහා Supreme SHST පෞද්ගලික සමාගම රුපියල් මිලියන 1,828ක ආයෝජනයක් සිදු කර ඇති බවත්, ඒ සඳහා ද BOI සමඟ ගිවිසුමක් ඇති බවත් අගමැතිනිය ප්‍රකාශ කළාය.

ආයෝජන මණ්ඩලයේ වාර්තා අනුව, SupremeSAT සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය ප්‍රතිලාභ පහත පරිදි බවද අගමැතිනිය පෙන්වා දුන්නාය:

2015-2016: රුපියල් මිලියන 19,617

2016-2017: රුපියල් මිලියන 28,133

2017-2018: රුපියල් මිලියන 29,106

2018-2019: රුපියල් මිලියන 34,169

2019-2020: රුපියල් මිලියන 42,960

2020-2021: රුපියල් මිලියන 62,545

2021-2022: රුපියල් මිලියන 87,789

2023 පළමු මාස හය: රුපියල් මිලියන 39,590

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart