ට්‍රම්ප් බද්ද අද සිට වැඩ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය යටතේ පැනවූ නව තීරුබදු අද (07) සිට ක්‍රියාත්මක වේ.ඒ අනුව මෙරටින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 20%ක තීරුබද්දක් අද සිට අයකරනු ඇති.

අමෙරිකාව භාණ්ඩ ආනයනය කරනු ලබන රටවල් සඳහා නව තීරුබදු හඳුන්වාදුන් අතර එහිදි ශ්‍රී ලංකාවට 44%ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබුණි.

එම බදු ප්‍රතිශතය ක්‍රියාත්මක වුවහොත් එය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඉන් සහනයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය.

එම සාකච්ඡාවලින් 24%ක ඉහළ තීරුබදු ප්‍රතිශතයක් අඩු කරගැනීමට මෙරට නියෝජිතයින් සමත් වීමත් සමග ශ්‍රී ලංකාව සඳහා පනවනු ලැබු තීරුබදු ප්‍රතිශතය 20%ක් වේ.

කෙසේවෙතත් මෙම නව බදු ප්‍රතිපත්තිය පසුගිය පළමු වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එය අද දිනය දක්වා කල් දමනු ලැබීය.

මේ අතර අමෙරිකාව පනවා ඇති තීරුබදු ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.

අමෙරිකාව පනවා ඇති තීරුබදු සඳහා මුහුණ දීමේදී ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart