ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන්ගෙන් අයෙකු ලෙස සැලකෙන, ඇමරිකානු ජාතික ජිම් ලොවෙල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 97 වන වියේ පසුවිය.
1928 වසරේ උපත ලද ජිම් ලොවෙල්, අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයකි.
1968 වසරේ සිදුකළ ඇපලෝ 8 මෙහෙයුම යටතේ සඳ වටා කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු වූ ඔහු, 1970 වසරේ සිදු වූ ඇපලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.
ඔහු දෙවරක් සඳ වෙත ගමන් කළ පළමු පුද්ගලයා වූ නමුත්, කිසිදු අවස්ථාවක සඳ මතට ගොඩබැස නැත. එසේම, හතර වතාවක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ලෙස ද ඔහු ඉතිහාසයට එක් වී සිටී.