හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් වේ. ඔහුගේ ප්‍රකාශය වත්මන් යෞවන සමාජ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස, වික්‍රමසිංහ මහතා මෙම ආයතනයේ මුල් අරමුණු සහ තම පාලන කාලය තුළ යෞවන සමාජ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.