අත්අඩංගුවේ පසුවන තිළිණ සම්පත් නොහොත් ‘වලස් කටා’ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී බරපතල තුවාල ලබා ඇත.
දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරු, ඊයේ (9) රාත්‍රී 9:15ට පමණ වැසිකිළි යාමට අවසර ඉල්ලා තිබේ. එහිදී අත්අඩංගුවලින් නිදහස් කර නිලධාරීන් සිව් දෙනෙකු සමඟ වැසිකිළිය වෙත යන අතරතුර ඔහු නිලධාරීන්ට පහර දී තුන්වන මහලෙන් බිමට පැන ඇත.
පොලිසිය සඳහන් කළේ, මෙම සිද්ධියෙන් ඔහුගේ දෙපා කැඩී ගොස් ඇති බවත්, එක් අතක් වැලමිට ප්‍රදේශයෙන් බිඳී ගොස් ඇති බවත්ය.
දැනට ‘වලස් කටා’ කොළඹ ජාතික රෝහලේ දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.