ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ඇතුළු දූත පිරිස අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියහ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව යාමට පෙර ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
මෙම සාකච්ඡාවලදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටටම අන්‍යෝන්‍ය ප්රතිලාභ ගෙන දෙන ක්ෂේත්‍ර පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු විය.
ඇය සිය සංචාරය අතරතුර, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඕස්ට්‍රේලියාවේ සහාය ඇතිව ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කළ අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට ද එක් විය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.