මන්ත්රී විශ්රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වුවහොත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 499 දෙනෙකුට විශ්රාම වැටුප් අහිමි වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම පනත් කෙටුම්පත මගින් විශ්රාම වැටුප් අහිමි වන පිරිස අතරට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්රීවරුන් 30 දෙනෙකු ද ඇතුළත් බව වාර්තා වේ.
මන්ත්රී විශ්රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් දිගු කලක සිට සමාජය තුළ විවේචන පැවති අතර, මෙම පනත් කෙටුම්පත ඒ සඳහා යෝජිත විසඳුමක් ලෙස සැලකේ.