කුරුණෑගල ඖෂධවේදීන් වර්ජනයක් අරඹයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේ, අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

ඒ අනුව අද උදෑසන 8 ට ආරම්භවූ මෙම මෙම සංකේත වර්ජනය හෙට උදෑසන 8.00 දක්වා පැවැත්වීමට නියමිතය.

සුදුසුකම් සහිත ඖෂධවේදීන් තම සේවය සපයමින් සිටින අතරතුර සේවා අවශ්‍යතාවය නොමැති ඖෂධ සංයෝජකවරයෙක් මෙලෙස අනුයුක්ත කර ඇති අතර, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව අවස්ථා දෙකකදී දැනුම් දී ඇතැයිද අජිත් තිලකරත්න මහතා පවසයි.

නමුත් බලධාරීන් එම දැනුම්දීම නොසලකා හැර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඒ මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart