පසුගිය වසරක පමණ කාල සීමාවේදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඖෂධ තොග ඖෂධ නියාමන අධිකාරී නිසි විමර්ශනයෙන් තොරව මුදා හැරීමක් සිදුවන්නේද, එසේ ගෙන්වන ලද සමාගම් සහ ඒවා නිසි පරිදි අදාළ ප්‍රසම්පාදන ආයතන මගින් නිසි ලේඛනවලට යටත්ව මුදා හැරීමක් සිදුවී ඇත්දැයි යන කරුණු සම්බන්ධයෙන්ද පසුගියදා වරාය පරිශ්‍රය තුළදී සිදු වූ ආන්දෝලනාත්මක කන්ටේනර් තොග මුගදා හැරීමේදී එම කන්ටේනර් තුල රටට හානිදායක ඖෂධ වර්ග පැවතියේදැයි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දීමක් සිදුකොට ඇත.
වෛද්‍ය හා සිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද පැමිණිල්ලක් මත පදනම් මෙම විමර්ශන කටයුතු ආරම්භ කොට ඇත.
පසුගියදා වරාය පරිශ්‍රයෙන් උදාහරණ ලද ආන්දෝලනාත්මක කන්ටේනර් තුළ රටට හානිදායක සායනික අප ද්‍රව්‍ය ශල්‍ය උපකරණ අන්තරාදායක ඖෂධ හෝ ලියාපදිංචියෙන් තොරව ගෙන්වන ලද ඖෂධ හෝ තිබියේ දැයි.
සැකයක් නිර්මාණය වන බැවින් ඒ සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසට එම වෘත්තිය සමිති සඳහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගිය ජුනි මාසයේදී ඉල්ලීමක් කරනු ලැබීය.
එම ඉල්ලී මානුව විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධව අදාළ කරුණු දැක්වීම සිදුකරන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.