බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (13) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
2024 වර්ෂයේදී බන්ධනාගාරගතව සිටි රැඳවියෙකුට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා දීම සඳහා රුපියල් 1,500,000 ක මුදලක් ඉල්ලා, ඉන් රුපියල් 300,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියේය. සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.