අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් බන්ධනාගාර සෞඛ්‍ය සේවයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අගෝස්තු 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළේ, අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.
මීට පෙර වාර්තා වූයේ:
වෛද්‍ය රණසිංහ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 2024 වසරේදී රැඳවියෙකු රෝහලේ නේවාසිකව තබාගෙන ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් 300,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මතයි. අත්අඩංගුවට ගන්නා විට ඔහු අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියා