ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථ 75 වැනි වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද (16 වැනිදා) රාත්‍රියේ උත්කර්ෂවත් අන්දමින් වීථි සංචාරය කෙරේ.
මෙම පෙරහැර විහාරස්ථානයේ නැඟෙනහිර වාහල්කඩ දෙසින් විහාර මාවතට පිවිස මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි මාවත (දෙහිවල පාර), බෙල්ලන්තර මංසන්ධිය, කීල්ස් හන්දිය, පැපිලියාන පාර ඔස්සේ ගමන් කර විහාර මාවතට පැමිණ නැවත නැඟෙනහිර වාහල්කඩින් විහාර පරිශ්‍රයට ගෙවදීමට නියමිත බව විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණෝ පැවසූහ.
මෙම පෙරහැර හුදු විනෝදාස්වාදය සඳහා පමණක් නොව රටට සෙත්පතා කරන පුණ්‍යෝත්සවයක් ලෙස සිතා සාමකාමීව එය නරඹන ලෙස විහාරාධිපති හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.
බෙල්ලන්විල ඇසළ පෙරහැර කමිටුව බෙල්ලන්විල පෙරහැර මංගල්‍යය සංවිධානය කරයි.