විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතා සකස් කළ නිර්දේශ ඇතුළත් වාර්තාව ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට “විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව” තීරණය කර තිබේ.
විශ්‍රාමික මන්ත්‍රී එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතාට අනුව, මීට මාස කිහිපයකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳව වාර්තාවක් සකස් කරන ලෙස විනිසුරු චිත්‍රසිරි මහතාගෙන් ඉල්ලා ඇත. ඒ අනුව, විනිසුරුවරයා එම නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපති කාර්යාලයට භාර දී තිබේ.
කෙසේ වෙතත්, ජනාධිපති කාර්යාලය විසින් මේ දක්වා එම වාර්තාව ප්‍රසිද්ධ කර නොමැත. පෙබරවාරි මාසයේදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ වාචිකව හා ලිඛිතව මෙම වාර්තාවේ නිර්දේශ ඉල්ලා සිටියද, තොරතුරු නොලැබුණු බව මානගේ මහතා සඳහන් කරයි. තවදුරටත්, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එවැනි වාර්තාවක් හෝ නිර්දේශයක් තමන් සතුව නොමැති බවට ලිඛිතව දැනුම් දී ඇති බවද ඔහු පවසා තිබේ.
මෙම තත්ත්වය මඟින් ආණ්ඩුව මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කර ඇති බව පවසන විශ්‍රාමික මන්ත්‍රී එකමුතුව, ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.