අනුයුක්ත කිරීම් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශය නම් සංවිධානයක් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක් යොමු කර ඇත. ලිපියේ අංකය PSRS/250817/012 වන අතර දිනය 2025.08.17 ය.
යෝජිත අනුයුක්ත කිරීම් දැනුම් දෙන ලිපියේ ආකෘතිය සහ ස්වේච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය ඉදිරි සතිය තුළ බලශක්ති අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට නියමිත බවත්, නියමිත දිනට පසු මෙම සමාගම් අතර නිලධාරීන්ට සහ සේවකයන්ට මාරුවීමට අවස්ථාවක් නොලැබෙන බවත් මෙමගින් දැනුම් දී තිබේ. එබැවින්, නියමිත දිනට පෙර, දැනට සිටින අංශවලින් වෙනත් අනාගත නව සමාගම් අංශයකට මාරුවීමට ඇති කැමැත්ත සලකා බැලීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් පත් කරන ලද තේරීම් කමිටුවක් මඟින් ඉල්ලුම්පත් කැඳවා ඇත. මෙම ක්‍රියාවලිය මගින් යෝජිත මාරුවීම් බලාත්මක වන්නේ නියමිත දිනට පෙර දිනයේදීය. යෝජිත මාරුවීම් ලැබෙන නිලධාරීන් සහ සේවකයන්, ඒ දක්වා දැනට සේවය කරනා ස්ථානයේම කටයුතු කළ යුතුය.
මෙම ලිපිය පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ නමැත්තෙක් විසින් අත්සන් කර ඇති අතර, ඔහු බලශක්ති අමාත්‍යාංශයේ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයා බව කියයි. ඔහුගේ ඉතිහාසය පිරික්සීමේ දී පැහැදිලිව ම පුබුදු නිරෝෂන් යනු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු බව පෙනී යයි.
අප මින් පෙර පැවසූ ආකාරයෙන් ම ජාතික ජන බලවේග ආණ්ඩුව තුළ පවතින රාජ්‍ය ආයතන පාලනය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සෘජු කාඩරය යොදවා ඇති ආකාරයට මෙය හොඳ ම උදාහරණයකි. පැලවත්තේ ජවිපෙ කාර්යාලයට වාර්තා කරන ජවිපෙ කාඩරය සෘජුව රාජ්‍ය ආයතන පාලනය කිරීම සඳහා යොදවා ගැනීම මගින් ගැටළු රාශියකට මග පාදයි.
ආයතනයේ නිල ධූරාවලිය තුළ සිටින ප්‍රධානීන් (උදා: සාමාන්‍යාධිකාරීවරයා) මඟහැර දේශපාලන බලයක් සහිත බාහිර පුද්ගලයින් හෝ ආයතන විසින් සෘජුවම උපදෙස් ලබා දීම තුළ, එම නිලධාරීන්ගේ අධිකාරියට හා ගෞරවයට හානි සිදුවිය හැකිය. නිල කාර්ය පටිපාටි අනුගමනය නොකර කෙලින්ම නියෝග නිකුත් කිරීම නිසා, කාර්යයන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාකූලතා හා අවුල් ඇතිවිය හැකිය. එමගින් සේවකයන් අතර අවිශ්වාසයක් ද ගොඩනැගෙනු ඇත.
රාජ්‍ය ආයතනවලට දේශපාලන බලපෑම් සෘජුව එල්ල වීම නිසා, එම ආයතනවල ස්වාධීනත්වය, වෘත්තීයභාවය හා කාර්යක්ෂමතාව නැති වී යා හැකිය. තීරණ ගැනීම සඳහා නිසි ක්‍රියා පටිපාටිය වෙනුවට දේශපාලන අභිලාෂයන් බලපෑම් එල්ල කිරීම මෙහිදී සිදුවිය හැකිය. දේශපාලන පක්ෂපාතීත්වය මත පදනම්ව තනතුරු හෝ අවස්ථා ලබාදීම සිදුවුවහොත්, හැකියාව හා දක්ෂතාව පදනම් කරගත් තෝරාගැනීම් අඩුවිය හැකිය. එමගින් රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය පහත වැටීම සිදුවිය හැකිය. විශේෂයෙන් ම පෙර පැවති පාලනයන්වල දේශපාලනියකරණය සම්බන්ධයෙන් විශාල ඝෝෂාවක් නගන ලද ජනතා විමුක්ති පෙරමුණ මෙවන් ලජ්ජාසහගත ක්‍රියාවක නිරත වීම සළකා බැලිය යුතු විශේෂම කරුණකි.
රාජ්‍ය ආයතන දේශපාලන මැදිහත්වීම්වලට ලක්ව ඇති බව මහජනයාට හැඟී ගියහොත්, එම ආයතන කෙරෙහි ඇති විශ්වාසය බරපතල ලෙස පළුදු විය හැකිය. එය අවසානයේදී සමස්ත රාජ්‍ය සේවයේම කීර්තිනාමයට හානි කරනු ඇත.
ඉහත සඳහන් කළ කරුණුවලට අමතරව, ප්‍රජා පොලිස් ඒකක සහ යෞවන සමාජ වැනි පහළ ස්ථරයන්ට සහ දැන් මෙසේ රාජ්‍ය ආයතන තුළට ජනතා විමුක්ති පෙරමුණේ (JVP) පක්ෂ කාඩරයන් ඇතුළත් කිරීම නිසා මතුවිය හැකි ගැටලු සහ පක්ෂ රාජ්‍යයක් (Party State) ගොඩනැගීම යන චෝදනාව වඩාත් තහවුරු වනු ඇත.