තැපැල් සේවකයන් විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (20) තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන් රට පුරා තැපැල් සේවා කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, මහජනතාවට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇත. වෘත්තීය සමිති පවසන්නේ ඔවුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධ ගැටලුවලට නිසි විසඳුම් ලැබෙන තුරු වර්ජනය දිගටම පවත්වාගෙන යන බවයි.
වර්ජනය අවසන් කිරීමට රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වන නමුත්, තවමත් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව වෘත්තීය සමිති නායකයෝ පවසති.