හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (20) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන අංශය වෙත පැමිණියේය.
සිදු කෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුට මීට පෙර දැනුම් දී තිබූ අතර, ඒ අනුව ඔහු එහි පැමිණියේය. මෙම විමර්ශනයට අදාළ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.