සබරගමු මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස ඉෂාන් සංඛ මාපිටිගම මහතා අද (20) පැවති නිලවරණයෙන් තේරී පත්ව තිබේ.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම ඡන්ද විමසීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණී සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
නව බස්නායක නිළමේවරයා තෝරා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරු නව දෙනෙකු, බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා සහ උග්ගල් අලුත්නුවර හා අම්මඩුව කුඩා කතරගම දේවාලවල තාවකාලික භාරකරුවන් දෙදෙනා ඇතුළු දොළොස් දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි විය.