අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රවාහන සුභසාධන සංගමය මගින් පස්වැනි වරටත් සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශ ඉසුරුපාය පරිශ්‍රයේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සේනෙවිරත්න සහ අධ්‍යාපන ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර ශ්‍රී ජයවර්ධන පුර සහ අපේක්ෂා රෝහල් සඳහා අවශ්‍ය ලේ ප්‍රදානය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.