නව අයෝජන කලාප 7 ක් මේ වසරේදී පිහිටුවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
එහි සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ, උතුරු පළාතේ ආයෝජන කලාප 03ක් මෙන්ම වයඹ, නැගෙනහිර හා දකුණු පළාත් වල එක් ආයෝජන කලාපය බැගින් පිහිටුවන බවයි.
මේ සමග ප්‍රාදේශීය වශයෙන් ආයෝජන ගලා යාම වේගවත් වී ඒ ආශ්‍රිතව නව රැකියා අවස්ථා රැසක් බිහිවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අනුව, උතුරු පළාතේ කන්කසන්තුරෙයි හි අක්කර 300ක විශාලත්වයෙන් යුත් ආයෝජන කලාපයේ ඇගලුම් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.
අක්කර 200 ක විශාලත්වයෙන් යුත් පරන්තන් ආයෝජන කලාපයේ රසායානික නිෂ්පාදන කම්හල් පිහිටුවීමට නියමිත වන අතර, අක්කර 200ක් විශාල මාන්කුලම් ආයෝජන කලාපයේ කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන එකතු කළ අගය මත අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.
අර්ජුන හේරත් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ඉරණවිල ආයෝජන කලාපයේ සංචාරක ක්ෂේත්රයට අදාළ ව්‍යාපෘති පිහිටුවන බවයි.
තවද, මඩලකපුව එරාවුර් හි පිහිටුවන ආයෝජන කලාප තුළ ඇගලුම් නිෂ්පාදනට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටදී නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලා පිහිටුවීමට නියමිතය.
මේ අතර, හම්බන්තොට ආයෝජන කලාපය තුළ ඖෂධ නිෂ්පාදන සමාගම් පිහිටුවීමට නියමිතයි.