හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රඳවා සිටින බන්ධනාගාර රෝහල වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැමිණියේය. ඒ, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහාය.
මීට පෙර, අද උදෑසන 9.30ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හිටපු ජනාධිපතිවරයා බැලීම සඳහා මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි.
ජනාධිපති ධුරය දැරූ සමයේදී රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. පසුව, වෛද්‍ය උපදෙස් මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලදී.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව මෙය වන බැවින්, මෙම සිදුවීම රට තුළ සහ දේශපාලන ක්ෂේත්රයේ දැඩි අවධානයට ලක්ව තිබේ