හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව “නයාට ගහලා පොල්ල වරද්දා ගත්තොත් නයා ආයෙත් දෂ්ට කරනවා,රනිල්ට 26 එළියට එන්න දෙන්නෙපා” යනුවෙන් අද නිට්ටඹුවේදී ප්‍රකාශ කළේය.
පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඇතැම් කොටස්වලින් පවා එල්ල වූ පීඩනය නොතකා, වික්‍රමසිංහට එරෙහිව පියවර ගැනීමට රජය ක්‍රියා කළ බවයි.
ඒ සම්බන්ධයෙන් රජයට ප්‍රශංසා කළ නාගමුව මහතා, වික්‍රමසිංහට එරෙහිව තවදුරටත් පියවර ගැනීමේදී තම පක්ෂය රජයට සහාය දෙන බව ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ රනිල්ගෙ අතීතය බටලන්ද වධකාගාරය වැනි චෝදනා සමඟ බැඳී ඇති බවත් ඔහු භයානක පුද්ගලයෙක් බවත්ය