දූෂණ චෝදනා මත බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරීම සඳහා අධිචෝදනා පත්‍ර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතින බව එම කොමිසමේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මීට වසර 10කට පමණ ඉහතදී එනම් 2015 වසරේදී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ටෙන්ඩරයක් සඳහා රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයන් බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පැවැරීමට නියමිතය.
රුපියල් ලක්ෂ 80ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයාට සහ තවත් විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසමේ නීති අංශය විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පැවැරීමට නියමිතය.
ඇමැති කුමාර ජයකොඩි ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස 2005 වසරේදී පත්වීම් ලැබ ඇත්තේ එම වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, කෘෂිකර්ම අමාත්‍යධුරයේ කටයුතු කරන සමයේදීය.
2005 වසරේ සිට 2015 වසර දක්වා කුමාර ජයකොඩි ඇමැතිවරයා ලංකා පොහොර සමාගමේ කටයුතු කර තිබෙන බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
අදාළ දූෂණ චෝදනාව එල්ල වන ටෙන්ඩර් ප්‍රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස වත්මන් බලශක්ති ඇමැති කුමාර ජයකොඩි කටයුතු කර තිබෙන බවද අල්ලස් කොමිසමේ නීති නිලධාරියකු සඳහන් කළේය.