හිරු මාධ්‍ය ජාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා වෙත සහ අනෙකුත් සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇත.
අගෝස්තු 25, 2025 දින හිරු ප්රවෘත්ති නිල වෙබ් අඩවියේ, ෆේස්බුක් පිටුවේ සහ අනෙකුත් මාධ්‍ය නාලිකාවල පළ කර තිබූ “අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් !” යන සිරස්තලයෙන් යුත් ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරයි.
මෙවැනි අසත්‍ය හා මාධ්‍ය සදාචාරයට පටහැනි ප්රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති අග්‍රාමාත්‍ය කාර්යාලය, අදාළ ප්‍රවෘත්තිය වහාම නිවැරදි කරන ලෙස රෙනෝ සිල්වා මහතාගෙන් ඉල්ලා සිටී.